Thursday, 15 May 2014

සදානන්දය සොයා ආ මුත්


හදේ ගින්නෙන් දැවි දැවී
කඳුළු පින්නෙන් තෙමි තෙමී
පිපුනු මල් මම පුදනෙමි 
සමිඳු පාමුල බැතියෙනි.....

සදානන්දය සොයා ආ මුත්
ලොවේ කොතැනක වත් නොවේ..
සදා අන්ධව සිටිය තරමට
කල්ප ගනනින් දුක පිරේ......
සමිඳු පාමුල කඳුළු වගුරා
දොවමි සිරිපා නිවී සැනසීලා.....

විරාගය ලඟ තත් බිඳී යන
රාග වීනා ගොළු උනාදෙන්
ඇල්ම අතහැර නොඇල්මට සිත
සැනක් පාසා යොමු උනා දෙන්
සමිඳු පාමුල සුසුම් තවරා
නිවමි සිරිපා නිවී සැනසීලා...

No comments:

Post a Comment