Monday, 12 May 2014

ගජනිඳු සරතත් නිසොල්මනේ


ගජනිඳු සරතත් නිසොල්මනේ
දිනිඳා නැගි මුත් වලා පෙලේ
සනහා ගන්නට නොහැකිව ලතවෙමි
විදුරවි වේගෙන් සැලෙන සිතුම්....

ලොවේ කෙළවරක දැහැන් ගතවෙනා
අසුරු සැනින් යලි ආපසු ඇදෙනා.....
නොලද යමක් වෙද සොවින් ලතැවෙනා
සොය සොය විශ්වය සපුරා ඇදෙනා....

නිමක් නොහී එහි නිමාවකුදු නැත
ප්‍රවාහයක් සේ දෙගොඩ තලනවා...
හඳුනන්නට බැරි විලස සැඟවෙනා
අන්දමන්ද කරවමින් මතුවෙනා....

ගෙල සිඳලූවම උතුරන රුහිරූ
වැනි නොනවත්වා රිදවයි කුරිරූ
ක්ෂනයක් වැනි තුල සැනසෙයි වැතිරී
ආයෙත් පවසින් දිවයයි උමතූ....

No comments:

Post a Comment