Monday, 12 May 2014

පුදසුනක මල් බිම දමා

පුදසුනක මල් බිම දමා
පයට පාගා තලා දැමුවද
අතීතයේ සංසාරයේ.....
සුවඳ මල් නොපිපුනේ......

දම් සභාවක උමතුවෙන් මෙන්
මහත් ගෝෂා කල නිසාදෝ
අතීතයේ සංසා‍රයේ...
මුදු වදන් නෑසුනේ........

ලොබ බැඳී රසමුළු වලින්
තනිව වළඳා කුස පිරූවද
අතීතයේ සංසාරයේ........
කුසේ ගින්දර ඇවිලුනේ......

සෙනෙහසක් නැති ලතෙත් බව නැති
අකීකරු සිත් වැඩු නිසාදෝ
අතීතයේ සංසාරයේ.........
සනේහයේ සිත අහිමි කෙරුයේ...

No comments:

Post a Comment