Monday, 14 April 2014

නල මුදු සුවඳ විඳ විඳ යන


නල මුදු සුවඳ විඳ විඳ යන
සමනලුනේ.....
සිරි පොද පොද වැහි වැටුනම
සිත රිදුනේ......
මල් මල් වැටුනු සමනල් තටු
බරව ගියේ.......
නෙත් පියවිලි මත වැහි කළු
අඳුර තියේ.......

බෝසත් කම ලඟම සෙනෙහස
පූදිනවා.....
සෙනෙහස රැඳුනු සිත හැම කල
හිනැහෙනවා..
පතනා පැතුම් කිසිවක් එහි 
නොරැඳෙනවා
රඳනා කිසිත් නැති තැන
දුක දියවෙනවා............

විසුල කුසුම් නිති නිති නෑ
පූදින්නේ.....
සුවඳ කොකුම් චන්දන නැහැ
පවතින්නේ.....
සිතක සිතුම් තුල කවුරුත් 
නෑ ඉන්නේ....
ගෙවෙන ගෙවෙන කලතුල
ලොව මියයන්නේ...

No comments:

Post a Comment