Saturday, 26 April 2014

නුඹේ හඬ එයි කනට කොඳුරා....


සිනාසුන මුත් දසන් අතරින්
ලයේ කඳුලක් නෙතේ සඟවා
හදේ ඇවිලෙන දාහ ගින්නේ
සිසිලසක් නුඹ විඳිනු පෙනුනා....

සිත සඳ නැග හිමව් අරනේ
දැහැන් සිත සීතලේ වෙවුලා
ඉතින් අත්හැර නොයා ඉන්නෙමි
අමාවක ගිනියමට ඉඳුරා............

රෑ සියොත් හැම නිහඬ වීලා
තාරකා ගීතයක වෙලිලා
ඉතින් මඳනල හමා නාවත්
නුඹේ හඬ එයි කනට කොඳුරා....

1 comment:

  1. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete