Wednesday, 2 April 2014

සිතන පතන දෙය නොලැබෙන දවසට කුමට කිපී...


කවුලුව අද්දර බලා හුන්නෙමි  අහස දිහා
ලිහිනි රංචුවක් ඉගිලී යන හැටි ඉමක් සොයා
ලෙන්ගතුකම ලඟ වැතිරී ඉන්නට දෑස පියා
මැදියම ගෙවුනද තවමත් පිනි නැහැ පොලොව තෙමා..

දෙනෙත තෙමාලන සිතිවිලි ඉපදී කිරට හඬා
නැලැවිලි ගීයක් මුමුණන තුරාම හිඳ නොනිදා
මළගිය හිරු ලඟ වැළපෙන රළ හඬ සිටියි අසා
නැගෙන සිඳෙන රළ ආයෙත් දිව යයි දියඹ සොයා.....

වෙලී එතෙන වැල ගසේ කඳ දිගේ ඉහළ ඇදී
මුල් ඉදිරී ගස ඇද වැටුනොත් වැල මැරෙයි තැලී
විඳින කිසිත් නැති විඳවන තැන් ඇති යසට පිපී
සිතන පතන දෙය නොලැබෙන දවසට කුමට කිපී...

No comments:

Post a Comment