Monday, 14 April 2014

හෙට ආයෙත් ලහිරු වඩියි


තුරු වදුලක පිනි විසිරුනු
නිල්තණ පිරි මිටියාවත
වටා එතෙන මිදුම සේ
සිත මගෙ නුඹ ලඟම තියෙයි.....

මහ නියඟය පසුකරාන 
මන්දාරම් වැහි විසිරෙයි
බොල් පොලොවට තෙත වැඩි නැහැ
තවමත් දූවිලි නැග එයි.....

වනස්පතී තුරු අගදිත්
තවමත් මල් විකසිත වෙයි
වියපත් හිරු බැස ගියාට
හෙට ආයෙත් ලහිරු වඩියි
-jayantha colombage-

1 comment:

  1. වසන්නතය තවම ඉවර නෑ..

    ReplyDelete