Saturday, 8 March 2014

ඇයිද සිත එහි නැවතිලා.........


අතීතයේ පිපි මල් අත්තේ
සුවඳ නොසුවඳ දැන් නැත්තේ
හෙට පූදින මල් දැක නැත්තේ
ඇයිද සිත නුඹ ඒ මත්තේ......

විසුල සිතිවිලි විසිරිලා
තුමුළ ගිරිහිස දැවටිලා
පවර හිස් අහසටම ඇදිලා
ඇයිද සිත එහි නැවතිලා.........

සුසර වූ කය පහස රිද්මෙට
වින්ද පසු නැත කිසිත් ඉතිරිව
කිමද තවමත් ඇතැයි දැඩිකොට
ඇයිද සිත එහි ඉපදිලා....

No comments:

Post a Comment