Saturday, 8 March 2014

අපෙ ආදරේ....සොහොන් කොතක් වාගේ...

  
 සොහොන් බිමක් සේ නිහඬ තාලෙන්
පාළුවේ රැඳි ආදරේ......
අපෙ ආදරේ.......සොහොන් බිමක් වාගේ..
ගොම්මන් අඳුරට ගිලෙන සොහොන් කොත්
වගේ මියැදෙන ආදරේ....
අපෙ ආදරේ....සොහොන් කොතක් වාගේ...

සෙනෙහස ජීවත් වූ ටික කාලෙට
දොඩමළු වූ සිත විහඟ ගීතයක
තුහින මල් පිපි උස් මිටියාවත
නින්නාදය මුසු වසත් පුරසඳ...
බැසගොස් අහවර අවසඳ කළුවර
සොහොන් බිමේ වැතිරී..........
අපෙ ආදරේ....අවසඳ අඩවක අහසේ...

වදමල් පළඳා ගෙල සිඳලන්නට
සෙනේහයේ මෘත දෙන වළලන්නට
පාළු සොහොන් බිම උස් කොත් අතරේ
තැනක් සොයනවද මිහිදන් වන්නට
සසර පුරාවට ඉපිද මියයමින්
මෙලෙස කෙතෙක් සෙනෙහස් මල් පිපුනත්
පිපුනු එක මලක් අද නැත සුවද දිදී
අපෙ ආදරේ....ශුන්‍යත්වය මයි....

No comments:

Post a Comment