Saturday, 15 March 2014

සිත පිරිමැද මැද ඔබේ රුවින්



සිත පිරිමැද මැද ඔබේ රුවින්
දෙනෙත පියාගෙන විඳින සුවෙන්
කෙදිනක හෝ එක නිමේශයකට
සැනසුම ලබනට හැකි වේදෝ..
දුවන මුවන් දැක මිරිඟු දියේ...
ඔබේ නුවන් යුග තරු පරදයි
ඔබේ ලවන් නා දල්ල සමයි
සිත ගිනිගෙන සිතිවිලි ගිනි මෝරයි
එනමුදු ඒ දැක ගිනිසිළුවට එන
පළඟැටියකු වන්නේ කෙලෙසින්
මායා සිත තුල ඇඳි සිත්තම්...

ඔබත් ඔබේ නොව මමත් මගේ නොව
ඒ සඳ කෙලෙසින් අපේම වී...
අපිම නොවන සඳ ඔබ මා නැති කල
සංකල්පයකට ලොවක් තනා
ඇති වී නැතිවී යන සිතිවිලි හැර
පවතින කිසිවක් නොවෙයි රඳා..

No comments:

Post a Comment