Saturday, 8 March 2014

නොනිමි ගමනක යා යුතුය අප..


පෙර බවෙත් මේ ලෙසම වෙන්නැති
සුවඳ ලැබනට පින් මඳව ඇති
උපන්නත් මෙ බවෙත් නම් නිති
හෙටට පුදින මලක් දැක නැති

විසුල සිතිවිලි දසත ඉගිලෙති
පවර හිත් අහසටම ලොබ වෙති
සංසාරෙ තව පව් ඉවර නැති
ගිහි ගෙයට තව තවත් ලොබ වෙති

සුසර වූ කය නිමාවන්නට
හෙටද අද දැයි බැහැ කියන්නට
කරපු පව් කඳ ඉහ තබාගෙන
නොනිමි ගමනක යා යුතුය අප..

එකින් එක බැඳි පව් කඳක් ගෙන
මහ බරක් කර මත තබාගෙන
ඉසුඹුවක් වන් ඇසිල්ලක් ගෙන
මෙත් වඩමි සසරින් මිදින්නට

පහසු නැත මේ ජීවිතේ
නිමාවක් නැහැ මේ බවේ....

(කොමෙන්ටුවකි.....ජයන්ත කොළඹගේ ගෙ කවකට
කාව්‍ය නිර්මාණය
මෙලානි තෙන්නකෝන් විසින්


No comments:

Post a Comment