Sunday, 2 March 2014

විසල් අහසක් කුමට ඉතිරිව


හමා එන සැඩ සුළඟ කෙලෙසින්
මුවා  කරමිද මකුළු      දැලකින්
විඩා බර නෙත් තෙමන කඳුලින්
නිමා කරමිද පවස එතැනින්....

පහන් දැල්වෙන   සිළු නිවී නම්
සොවින් බර සිත අඳුරු වී නම්....
කෙලෙස දල්වමි පහන් වැට මත
අනෝරා වැහි ඇද හැලෙයි නම්...

අඩ සදත් නැති පුරපසත් නැති
සොලොස් සඳ නැග නොඑන විලසින්
තරු කඩා ගෙන ඇද හැලෙන කල
විසල් අහසක් කුමට ඉතිරිව......






1 comment:

  1. @ HADAK NETHIDA AHAS THALAYA
    THARUVA DEI SENASUM...................@

    ReplyDelete