Sunday, 16 February 2014

අන්ධකාරය ලග මගේ


දැනුන දේ ගැන වචන නෑ
වචන කී දෙය පෙනුනෙ නෑ
සොයන දේ නොපෙනෙන රැයේ
අන්ධකාරය ලග මගේ

සිනා විසිරෙනු දුටුවෙ නෑ
නොදුටුවත් මුව පිරුනෙ නෑ
හඬන බවකුත් ඇසුනෙ නෑ
ඇසුනමුත් පිස දමනු බෑ

දැහැන් සමවැද ඉන්නෙ නෑ
සමවැදුනු තැන් දන්නෙ නෑ
දන්න දෙවියොත් නිහඬ වූ සේ
පැතුම් ගැන පවසන්නෙ නෑ


No comments:

Post a Comment