Thursday, 2 January 2014

ඉරිතලා ගිය පොලොව සිපගමි


ඉරිතලා ගිය පොලොව සිපගමි
නියං සායෙට සාප නොකරමි....
නොකල් වැස්සක් බලා නොහිඳිමි
පිනි පොදක් වත් අයැද නොසිටිමි.....

දිය බිඳක් නැති දෙගං දෝරුවෙ
දෑලවර ගං පතුල සිපගමි.........
දෙගොඩ තලනා ගංවතුර ගැන
දවල් හීනෙන් නොරැවටෙන්නෙමි....

වැවේ තාවුළු පිටිය සිපගමි
වියලි රොන්මඩ වැළඳගන්නෙමි..
බිසෝ කොටුවේ වැතිර ඉන්නෙමි
වාන් දොර දෙස නොබල ඉන්නෙමි.....

No comments:

Post a Comment