Friday, 31 January 2014

හැලුනු දිය දෝතක් පවස ලඟ



නොදැක ඉසුරක් සත් සයුරු දිග
නොලැබ හව්හරනක් නිල්වියන යට
හැලුනු දිය දෝතක් පවස ලඟ
කෙලෙස කිම සැප යැයි කියනු මැන....

දියවෙවී සුදු හිම පවර තුඩු
මහත් වෙයි නම් දිනකර දිනෙන් දින..
ඇද හැලේවිද වැහි කතරබිම
ඉරිතලා ගිය මහ පොලොව තෙත් කර...

කඳු ගැසුනු දුක් ගිරි ශිඛර මත
කරන්නට තරණය වේය බැරි බර
කරමතින් ගෙන මේ බැරි බර
කොහේ යන්නද කොතැන නවතින ලෙස????


No comments:

Post a Comment