Wednesday, 22 January 2014

මේ සිත එකම සැනකෙලියකි


වැල්ලේ තැබූ දිගු පියවර 
දිගු ගමන....
සේදී මැකී යයි ආ කල
මහ රැල්ල...
සිතිවිලි ගොඩක සිරවුනු
දිගු මතකයම..
එක සිතිවිල්ලකින් විසිරී
යයි බොඳව...

එක සිත ගැනත් දොඩමලු වී සිටියාට
එක සිත කොතැන කිසිදා නැත පොලොව මෙන...
වංචක සිතෙන් සංවර සිල් සෙව්වාට
මේ සිත එකම සැනකෙලියකි හතරවට.....

මහ ගංවතුර ගැලුවා වැහි ආ දිනෙක
ඒ ගංපතුල ඉරි තැලුවා නියඟයට හැරී..
දොඩනා මුසා බස් තැවරුනු සුභ සිහිනේ
විසිරී යයිද මහපොලොවට බට දිනයේ...

No comments:

Post a Comment