Thursday, 2 January 2014

මනරම් හැන්දෑව

  
මනරම් හැන්දෑව 
කෙතරම් උන්මාද
සරදම් ජීවිතය වාගේ....

බොරදම් ලා පාට
මන්දාරම් අහසේ
මළහිරු බැස යන්න වාගේ..

වියපත් වූ දිනෙක
සියපත් මැලවීද
මුසපත් සුසුමද පාවී..

තණපත් තුඩු අතර
ගිලිහුනු පිනි බින්දු
වැනි සේම යන්නට යාවී...

හැඩතල වෙස්ගැන්වූ
සමතල සිතුවම්ද
ඇසු දුටු සේ තවම ඒවි...

ඇති දේ නොපෙනෙන්නෙ
දුටු දේ නොම ඉන්නෙ
නුවණක් ඇතිදාට නිවුනේ.....

No comments:

Post a Comment