Thursday, 2 January 2014

සිත කියන හැම දේම අදහන්න බැරිවා...


ගත නිවෙන සිත දැවෙන මහා රෑ
තරු නිසල ඝණ අඳුර සරනවා...
නුඹ ඈත කොතැනකද සිටිනවා
වගෙයි අර තරු රෑන දිලෙනවා..

සීතලද මන්දා ගහකොළද සැලෙනවා
නුහුරු සිත හන්දා හදවතද ගැහෙනවා
බර වැඩිද මන්දා සිතිවිලිද නැගෙනවා
මහසයුර පරදා හැගුම් රළ බිදෙනවා

බිගුන් නැති මල් රොනෙහි රේනු නිදිකිරනවා
පිනිපොදට බරවී තණ පත් නිදනවා
උහුලන්න බැරි තරම මොනවදෝ සිත කියනවා
සිත කියන හැම දේම අදහන්න බැරිවා...

No comments:

Post a Comment