Thursday, 26 December 2013

දරුවා මලසොවින් හැඬුවෙමි




දරුවා මලසොවින් හැඬුවෙමි සන්තාපෙන්
හදවත පාරවා ගැලු දුක් දහරාවෙන්
නොසිඳෙන අහෝ මේ මහ දුක් ගංගාවෙන්
එගොඩට යන්න රිසියෙන් ආවෙමි මෙතැනින්....

කොහේ සිටන් මෙලොවට ආවද මන්දා
මෙලොව සිටන් කොයි අත ඔහු ගියාද මන්දා...
එලෙස ආ ගිය තැනක් නොදැනම කුමට හඬමිද මන්දා..
එසේ ඇවිදින් යන්න ගිය ඔහු මගේ වූවේ කෙලෙස මන්දා..

මෙලොවට පැමිනි යුරු නොදනිමි
මෙලොවෙන් යන යුරු නොදනිමි
මේ සංසරණය වන යුරු...
යමෙක් ලොවේ දැනගත්විට
ශෝක කරන්නට කිසිවක් 
නැතිබව සිතුනා....
(ථෙරි ගාථා ඇසුරෙන්)

No comments:

Post a Comment