Thursday, 26 December 2013

මම දෙපා දොවා ගනු රිසියෙන්


මම දෙපා දොවා ගනු රිසියෙන්
පයට වත්කල ජලය දුටුවෙමි
බිමට හැලිලා....
උස් තැනින් මිටි තැනට යනයුරු...
එකඟ වූ මනසින්..
එදෙස බැලුවෙමි.

හොඳින් දමනය වූ අසෙකු මෙන්.
සිත එකඟ වූවා...
පහණ ගෙන අතකින්
පහන් එළියෙන් සොයාගත්තෙමි
යහන ඇති තැන...කුටිය තුල..
හිඳගතිමි එහි........
සිතක් නැති තරමටම ලෝකය
උනා සන්සුන්.....

දෑස පියා මම පහන් තිරය ඇද
පහණ නිවෙන්නට සුසුමක් හෙලුවෙමි...
නිවී ගියා පහණත්..
නිවී ගියා මසිතත්..
පහණ නිවුනා විලස නිවුනෙමි
සියලු කෙලෙස් ගින්නෙන්..
(ථෙරථෙරී ගාථා-පටාචාරා ථෙරී ගාථා ඇසුරෙන්)

No comments:

Post a Comment