Saturday, 21 December 2013

බවුන් වඩනා කෙනෙක් නෑ......


අනේ සකිසඳ මුවා වෙනවද
වනේ ගහකොළ අතර සැඟවී..
අනේ සකිසඳ ගිලී යනවද
ගඟේ ගඟ දිය අතර දියවී......

ගෙනා පැන් ගෙන දෙපා දෝවා
වඩා හිඳුවන කෙනෙක් නෑ...
අමා දම් රස දෙසා වදහල 
මහාකරුණා හඬත් නෑ....
බොල් තුඹස් මත නොපිපි සියපත්
විලේ විල්තලයෙහිත් නෑ....
වගෙයි මහ වන අරණ ගිලගෙන
අනේ සක්මන් මළුව නැහැ..

නෙලා පලවැළ ගොතා මල් දම
පළඳවන්නට කෙනෙක් නෑ.....
පිරූ පාරමි හිසින් අරගෙන
සසර නික්මුනු බවක් නෑ.......
ගල්ලෙනේ දොර මුවා කරගෙන
අඳුර නැගඑන වෙලාවේ......
කමටහන් ලැබගන්නට ආ මුත්
බවුන් වඩනා කෙනෙක් නෑ......

3 comments:

  1. ලස්සනයි ඉස්සරහටත් ලියන්න හොදට.....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අමා දම් රස නොදන්නා ලොව
      සසර දුක බව දන්නෙ නෑ
      පීර බැලුවත් මහා වනයක
      බවුන් වඩනා කෙනෙක් නෑ

      අනේ සකිසඳ සැඟවුනත් නුඹ
      නිවන් යන්නට හිතක් නෑ
      දමනයක් නැති හිත ඇතුලෙ ඇති
      පව් කඳෙන් ගැලවීමකුත් නෑ

      ඉතින් කොහොමද බවුන් වඩනුයෙ
      බුදුන් කල අය,මෙහෙ ඇත්තෙ නෑ
      බොල් තුඹස් මත පියුම් පිපෙනුද
      කමටහන් ලැබු අයත් නෑ...

      Delete