Saturday, 30 November 2013

ලමැද වසා ඇති සළුව ගිලිහිලා


ලමැද වසා ඇති සළුව ගිලිහිලා
ලයට දැනෙන සුව සොය සොයා...
කුමට පිපෙනු හෙන්දිරික්ක මල් 
සවස මියෙන්නට සවස පිපී........

සපත්තු මල් පෙති දෙතොලින් සිපගෙන
රතු වදමල් වරලස ගවසා.....
කුංකුම තිලකය නලල් තලාවේ
දේදුනු ඉඳුවර සල සලා.....
ලමැද වසා ඇති සලුපට මුදවා
ලයෙහි ඇවිලෙන ගිනිදළුවෙන්
ඇසේ තෙත වියලවා....
සසර සරන්නී......නුඹ...සොඳුරියේ.....

සඳපලුවට දැක ඔමරි කරන්නී
සිව්මංසල හිඳ ඔමරි පාන්නී....
තනිකම් දෝසෙට ලඟට ඇදෙන්නී
පාළුව තනිකම මකාදමන්නී..........
උහුලන්නට බැරි දුකෙන් උපන්නී
උහුලන්නට බැරි දුකෙන් මියෙන්නී
පාලුව තනිකම ලයෙහි හොවාගෙන
ලමැද සළුවෙන් ඔතා තබන්නී...
සසර සරන්නී......නුඹ...සොඳුරියේ.....


No comments:

Post a Comment