Saturday, 30 November 2013

ඇසේ මතුවන කඳුළු බිඳකින්


ඇසේ මතුවන කඳුළු බිඳකින්
කොපුල් තලයම තෙමෙනවා..
හිසේ මතුවන නරකෙසක් ලඟ
තුරුනු විය ඉකි බිඳිනවා...

දියට වැටි සඳ දියෙහි පාවෙයි
දියව යන හැටි බලනවා....
දියෙහි ඇති සඳ කැබලි වන විට
ඉකිගසන්නට හදනවා..

දෝත දිගුකර දියට බැස නුඹ
සඳේ කැබලිති සොයනවා...
අනේ සඳ ඇත දියේ නැති සඳ
අහසකුස මත නිදනවා...

නුඹට උරුමද අතපොවන්නට
නොහැකි ඈතින් එබෙනවා
අනේ එය නුඹ නුඹේයැයි ගෙන
සදාකල් දුක විඳිනවා....

තාරුකාවන් පිනි බුබුළු තුල
නුඹේ දෙපයට බිඳෙනවා..
සාපිසාසෙන් දුවන මුවරැල
මිරිඟු දියරම සොයනවා......

No comments:

Post a Comment