Friday, 8 November 2013

තනිකමක ඇති සුවමිහිර


පෙනුනත් රූපයම
කැඩපතට හැඳිනිය හැකිද පසුදින..
ඇසුනත් මුදු වදන
සුලගට මුමුනනු හැකිද හමාගිය....

දැනුනත් දිව සුවද
නාසය නොදනියිද වතගොත
දැනුනත් මුදු පහස
රළු කුළක් නම් කෙසේ විඳවයිද...

වැස්සට සේදුන මල් පෙත්තක
පැහැය දියවී නොයයි කිසිකලෙක..
සැඩ සුළං හැමුවත් දසදෙස
මහාපව්වක් සැලිය නොහැකියි කිසිවිට..
දෙසවන් බිහිරි කරවා අකුනු සැඩ ආවද
මැකිය නොහැකිය මහා පාලුව
තනිකමක ඇති සුවමිහිර
දෙනෝදාහක් අතරමැද නැත....







1 comment:

  1. Thanikame mihirak
    natha kisi danune ma hata

    minisa ranchu gasemata purudu sathwayek lu ne

    ReplyDelete