Saturday, 30 November 2013

සාගරේ තරම් නැතිවට ආදරේ නමින් ඉඳහිට


සාගරේ තරම් නැතිවට ආදරේ නමින් ඉඳහිට
වේදනා දෙලොස් මහටම හඬන නුඹෙ දෙනෙත්...
ඔප දමාපු මැනිකක් ලඟ කනාමැදිරියෙක් ගානයි
ආදරේ තරම් හැමවිට විකිනෙනා යමක් තියෙයිද....

සිතන්නෙපා හැමදාමත් ඔය වටිනකමට යටවී
පෙට්ටගමෙක සඟවාගෙන සිටින්නැකි කියා....
සෙනෙහස ලඟ අගහිගකම ඉදිරි දොරට වඩින විටදි
පෑල දොරෙන් දිවයනවලු පැදුරට නොකියා.....

මැනික් ගලෙක පා හැපුනත් කනා දන්නවද ඒ ගැන
නාඳුනන කෙනා ලඟ ඇති සෙනෙහස ගානයි...
රන්රිදී මැණික් තිබුනට ඒ අරුමය නොදකින අය
දිස්නය පිරි අරුමෝසම් දෝත බදා ගෙන දිවයයි..

No comments:

Post a Comment