Saturday, 30 November 2013

විසුල කුසුම් දැක හිනැහෙනු බැහැ අද


විසුල කුසුම් දැක හිනැහෙනු බැහැ අද
හෙට දින පරව යතැයි දැනුනා.......
සුරත් පියුමක සිත රඳවනු බැහැ අද
හෙට දින මිලින වෙතැයි දැනුනා.....

පමාවී හෝ පැමිනි කොවුලෙකු 
ගයන ගී සර මිහිරි වූවද...
නොනිමි වසන්තය පණවන්නට බෑ
එලැඹි ගිම්හානයක් පෙනුනා.....

ඉපදුනු දා යැයි සැනකෙලි තිබුනත්
ඒ පසුපස මරණයද බහා........
එක්වුන දාමයි වෙන්වීමක් වෙත
පෙරමග සලකුනු එනු පෙනුනා...

1 comment:

  1. උපත කොතන වෙතේ

    විපත එහිම ඇතේ...

    ReplyDelete