Saturday, 30 November 2013

මරණ මංචකයේදී.... මගේ....



මරණ මංචකයේදී.... මගේ....
කැඳවුවා මා ප්‍රථම බිරිඳ...මගේ...
මගෙ මුළු දිවියම නුඹට සැලකුවෙමි
දැන් මා පරලොව යන්ට බියෙන් වෙමි
එනවා දෝ නුඹ මා සමගින්....
(රවා බැලූ ඇය මුරන්ඩු හඩකින්)
(එක අඩියක්වත් නොසෙල්වෙමි.....................)

මරන බියෙන් මා ....සැලි සැලී.....
කැඳවූවා මා දෙවැනි බිරිඳ.....මගේ..
මගෙ මුළු දිවියම නුඹට සැලකුවෙමි
දැන් මා පරලොව යන්ට බියෙන් වෙමි
එනවා දෝ නුඹ මා සමගින්...
(නොරුස්නා ලෙස ඇය හිස ගස්සා)
(නිවසෙහි දොර තෙක් එන්නෙමී....)
මරන බියෙන් මා ....සැලි සැලී.....
කැඳවූවා මා තෙවැනි බිරිඳ.....මගේ..
මගෙ මුළු දිවියම නුඹට සැලකුවෙමි
දැන් මා පරලොව යන්ට බියෙන් වෙමි
එනවා දෝ නුඹ මා සමගින්...
(අලසව නිදිබර දෑසින් බලමින්)
(මිනිවල ලඟට එමි..ඉන්පසු ආපිට හැරෙන්නෙමි)
මරන බියෙන් මා ....සැලි සැලී.....
කැඳවූවා මා සිව් වැනි බිරිඳ.....මගේ..
නුඹව නම් මා නොතැකූවත්..නුඹට නම් මා නොසැලකූවත්
දැන් මා පරලොව යන්ට බියෙන් වෙමි
එනවා දෝ නුඹ මා සමගින්...
(දෙවරක් නොසිතා මදෙස බැලූ ඇය)
(නුඹ යන ඕනැම තැනකට එන්නම් )
( නුඹ පසුපස්සෙම මම එන්නම්)
ඇගේ වදන් මට විමතිය දුන් මුත්...
(මේ කව කියවන ඔබටද මේ භාර්යාවන් සිවුදෙනා සිටින බව
දනිමි මම...විමසා බලන්න සිතින්)

No comments:

Post a Comment