Saturday, 30 November 2013

සබඳ මේ දුක් ගින්දරෙන්


සබඳ මේ  දුක් ගින්දරෙන්
ඇවිලෙනා දිවි චිතකයේ...
මිදෙන්නට නම් මිදී යන ලෙස
පලක් නැහැ පැතුමන් වලින්...

සබඳ නුඹ......
නොඇලෙනා දින මිදේවී....
නොඇලි ඉන්නට නොපැතූවත්
කළකිරුනු දින නොඇලේවී....
සබඳ නුඹ.....
කළකිරෙන්නට නොසිතුව මැන
ඇත්ත දුටු දා කළකිරේවී..
සත්‍ය දක්නට වෙහෙස නූනට
සබඳ නුඹෙ...
එකඟ වූ සිත එය දකීවී....
සබඳ නුඹ...
වෙහෙස වී සිත එකඟ නොකලට
සුවපත් සිත කය ඇති වෙලාවට
එකඟ සිත නුඹ ලඟ හිඳීවී...
සබඳ නුඹ...
සිත කය සුවපත් බව ලැබ ගන්නට
වෙහෙස වූවට නොඒවී...
සිත කය නිවීලා සන්සිඳුනා විටදි
ඒ තුලම සුවපත් ව යාවී....
සබඳ නුඹ...
සන්සිඳුනු බව ගන්ට බැරිවී 
නුඹ එතැන ඉකිබිඳීවී......
නිරාමිස වූ සැපය අභියස
සන්සිඳීමම තියේවී...
නිරාමිස සුව නිරායාසව 
සබඳ නුඹ වෙත නොඒවී
ප්‍රමෝදය ඇති කල්හි හැමවිට
නිරාමිස බව ගලාවී...
ප්‍රමෝදය ලැබගන්ට බැහැ
නිරායාසව නොඒවී......
මළගිය අතීතය නූපන් හෙටදවස
අතැර මේ මොහොත ගැන
සිහියෙන් සිහිනුවණ මැද 
සිටින විට සබඳ ඔබ
ප්‍රමෝදය ලබාවී.....




No comments:

Post a Comment