Wednesday, 6 November 2013

බලා සිටියා මදෑ අහස තරමට සිත දිගු උනත්..


සීතලයි මේ සඳත් සඳඑළියත්...
ඔළිඳ ඇට පැහැයෙන් දිලෙයි 
සුසානයත් සොහොන් කොතත්...
වළ දැමූ නුඹ නොඑන බවනම් ස්ථිරයි නියතයි..
ඒත් ඇයි මම මෙතනම????තවත් දිගුකලක්...

තැබූ මල් දම් මිලින වී පොලොවට පස් උනත්
වළ දැමූ නුඹ දිර දිරා මිහිමත පස් උනත්
ඒ සියලු පස්කන්දට වඩා තව උස් උනත්
බලා සිටියා මදෑ අහස තරමට සිත දිගු උනත්..

වන්දනාවට ඇවිත් දෝ නුඹ නතරවූවේ ටික දිනක්..
කල්ප කාලය ගෙවුන හින්දද යලි ගියේ නුඹ එක් දිනක්
මුල මැද අගක් නැති දිගු ගමනෙදි දකින්නද තව එක වරක්
අනේ කාලය මනින්නට බැහැ නිමා කරමුද පැතු යමක්...



1 comment:

  1. බලා ඉදීමත් එපා වෙනවනේ වෙලාවකට..

    ReplyDelete