Monday, 7 October 2013

මිරිඟුව ජලය ලෙස දුටුවද මද්දහනේ


දුටුවා බොහෝ කලකට පසු ඔබෙ    රූපේ
සිටියා දෙදරු මව ලෙස ඔබ   සන්තෝසේ
රට දුර උනත් හැද සිටි ඔසරිය බොහොසේ
සිතුනා ලඟම සිටිනා බව          මහේශියේ

නැහැ සැක සංකා සිත තුල              පිරවූයේ
තියෙනා දෙය නෙවෙයි පෙනුනේ ඇස් මානේ
පෙනෙනා දෙය නෙවෙයි පවතින    යථා ගුනේ
මිරිඟුව ජලය ලෙස දුටුවද              මද්දහනේ

තවමත් සිනහ හඬ ඇසෙනවා       ගුවන්තලේ
පුද දුන් සපිරිකර තවමත්              නෙත්මානේ
අමතක උනාදෝ සැකයක්             මතුඋනිදෝ
සෙනෙහස සැඟව ගිය මුත් හිත    නැහැ සැලුනේ

1 comment: