Saturday, 12 October 2013

සිහිවටන පෙලක් විතරයි



සිහිවටන පෙලක් විතරයි
මතකය...
ගරා වැටුනු නටඹුන් නුවරක්
මතකය..

ඒ නුවර සැරිසරන්නේ ....සිත
ඈත අතීතය යලි දැක ගන්නට
සිතිවිලි වන්දනා ගමනේ.....

පෙර මල් පීදුනු වැව්තල අතරේ
මෙදා සිදීගිය ඉවුරු තලාවේ.....
සරණ සියොත් කැළ විසිරී යනවා
වළාකුළක් නැති හිස් අහසේ....

පෙර මග දිස්උනු කඳු මිටියාවත
මෙදා වනන්තරයම ගිලගත් හැටි
සුසුම් පවන් පමණයි අද ඇත්තේ
අන්ධකාර රෑ සිහින වගේ....

2 comments: