Sunday, 8 September 2013

කුමන අරුතක් සොයන්නද


මා සෙවූ අරුත වෙනුවට
     නුඹේ ඇසිපිය සෙලවුනා
මා සෙවූ අරුත වෙනුවට
      නුඹේ දෙසවන නෑසුනා
මා සෙවූ අරුත වෙනුවට
       නුඹේ මුව ගොළු උනා
මා සෙවූ අරුත වෙනුවට
        නුඹම නොපෙනී ගියා....

සිරිපොද සොයන විට
              නියඟය එළඹුනා
රිවි කිරණ සොයන විට
             මේඝය පැමිනුනා
දියබිඳක් සොයන විට
              මහසයුරක් උනා
සාගරය සොයන විට
            පිණිබිඳක් දිලිසුනා

අඳුරට ගුලි වෙද්දි
             සප්ත හිරු පායලා
එළියක් සොයන විට
              ඝණඳුර රජකලා
මියුරු සර සොයන සඳ
          ලොව නිහඬ වී ගියා
නිහඬ බව සොයන කල
          ගෝෂාව පැතිරුනා..

අරුත් සුන් දෑසින් අරුත් සුන් දෙකනින්
අරුත් සුන් ලෝකයේ කුමන අරුතක් සොයන්නද???


No comments:

Post a Comment