Friday, 6 September 2013

සාගර ජලය තරම් සිත හැඬුවට


හීන් හඬින් පිනිපොද විසිරෙයි
ලා දළු පත් මත ලතැවිල්ලෙන්
හිරු පෑයූ කල සමුගෙන යන්නට
ලාපත් සිප සිප සිඹ සැනසෙයි...

හිරු නෑවිත් සිටියා නම් අළුයම
තවමත් අඳුර ගලා තියේවී
නුඹ නෑවිත් සිටිනා කල ගොම්මන
අඳුරට වැඩියෙන් දුකට හඬාවී....

ඉරබටු තරුවට මුවා වෙවී හිඳ
බැස ගිය හිරු සේ නුඹ යාවී..
සාගර ජලය තරම් සිත හැඬුවට
දෑසින් සිතිජය මකා දමාවී...

ඉරහඳ අහසේ නොතිර නිසා
එළිය අඳුර දෙපයට පෑගේවී..
නුඹ ආ දා මෙහි තැබු පා සටහන්
මන්දාරම් වැහි සෝදා දාවී...

2 comments:

  1. ලස්සන පබැඳුමක් නෙව.. අගෙයි.

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි රතී

    ReplyDelete