Sunday, 29 September 2013

කිසිවක් නියත නැති දිවියක අරුත කිම

\
නෑදෑ කමට ගොම්මන ගෙන විත්   අඳුර
පාලුව පිරිනමනවද සිතිවිලි           අතර
මළහිරු රැස් දහර දියවී යයි         එතෙර
හැඩ රුව බලනවද සෙවනැලි ඝන  අඳුර

දිදුලන තරු පිරුනු අහසම කුමක්           වැනි
ලතැවිලි පිරුනු නෙත් ඇසිපිය සැලෙනු  වැනි
රෑ මනමාලි අතුඅග මල් කුමක්              වැනි
හද තුල ඉපිද මියගිය සෙනෙහසක්        වැනි

ලෝ තුල ලැබුව ජය ඇත්නම් අසුරු සැනයි
නියත පරාජය උරුමය වී                 ගානයි
සැප සොම්නසට බරවුනු සිත  සැපම සොයයි
අනියත සැපය අනියත දුක බවම        කියයි

කිසිවක් නියත නැති දිවියක අරුත      කිම
කවියක් වගේ සුන්දර යැයි සිතනු       කිම
දිනයක් පැමිණ ගෙන යන විට කියනු කිම
අත් හැර යන්ට සිදුවේ මෙහි දමා      සැම



2 comments: