Friday, 27 September 2013

නියඟල මල මත දෙතොල තබන්නෙමි


සමාවෙයන් ඇස කඳුලක් වී මා
නුඹේ ලොවේ දොර කවුළු වැසූවට...
සමාවෙයන් ඇය මාරුතයක් වී
මගේ ලොවේ දොර කවුළු නැසූවට...

දොරගුලු හැරදා තිබුනිද මන්දා
හදවත තෙරපා ලුහුබැඳ ගියදා
ඇසිපිය නොගසා සිටියද මන්දා
මග වැරදුන දා පියවර පටලා...
දියවර ගලලා නයනත පුරවා
මහගං ගලලා කුමන පලක් වෙද.....

නියඟල මල මත දෙතොල තබන්නෙමි
රණ පිටියක් මැද බවුන් වඩන්නෙමි
මරු කතරක කෙමි බිමක් සොයන්නෙමි
සයුරු දියෙන් සා පවස සිඳින්නෙමි...
පුදසුන අසලක වත් නැති දෙවිඳුට
යදින යාතිකා කුමන පලක් වෙද......


No comments:

Post a Comment