Thursday, 26 September 2013

සිත නුඹේ දේදුන්නට ගොස් වගේ



සිත නුඹේ දේදුන්නට ගොස් වගේ
පාට දැක දැක නෙතද රැවටුනා වගේ...
දුකට තනිකම පාලු කපනා අන්ධකාරයෙ මන්දිරේ
යහන පිට හිඳ කටින් පිඹලා පහන් නිව්වද කළුවරේ..

කණකොක් සුද ලඟ පිරුවට දුටුවද
කණකොක් හඬ ලඟ නැලැවිලි ඇසුනද
ගෙන එන්නේ නෑ සුභ පණිවිඩයක්
රැවටී ඇයි මේ ආලිංගනයක්............

ගජමුතු පිරුනත් සිරුර විදගෙන
පසාරු වී යයි සුදු ඇත් දළයක්
රනින් හැඩ දමා ගෙත්තම් කලමුත්
අසිපත් තුඩ දෙයි ලය තුල සිදුරක්...

වසාගන්න හැකි නම් දෙනෙත් යුග
ලොව නොපෙනෙන්නට අවිදු අඳුර ඝන....
හඳුනාගන්නට හැකි වී නම් සිත
විශ්වය දෝතට අරගත්තා මෙන....


No comments:

Post a Comment