Monday, 2 September 2013

බැමි


අතොරක් නොමැතිව
ගලන ගඟෙක දිය
දෝතට ගන්නට සිතුවා නම්...

සැබෑ නොවී එය
දිය බිඳුවක් හෝ
අත්ලෙ නොතැවරී ගිලිහේ නම්..
කුමටද ඒ ගැන
සෙනෙහෙ වඩන්නේ
ගලන යමක් නම් නතර නොහේ...

දා බිඳුවට කඳුලැලි බිඳු දැවටී
ආ මුත් වැලපුම නතර නොවේ...
කොතැනක හෝ සෙනෙහෙන් සිත බැඳුනද
‍එතැන වියෝදුක හට ගැනුනේ.....

බැඳුනු බැඳුනු බැමි සිඳබිඳ නොදමා
ඒ තුල සිටියත් හඬා දොඩා........
නැහැ සිරගත කල යදම් පවුරු බැමි
සිතසනසා ලන සෙවන සදා..


No comments:

Post a Comment