Saturday, 20 July 2013

බඹසර


විලි බිය සිඳගත් 
සඳ දෙව් දියණිය
වළා දුහුල් පට මුදා නිරුවතින්...
අනන්ත අහසේ 
සරන විලාසෙන්..
අසංවරවූ සිතිවිලි අවුදින්
සය දිසාවෙන් ගලා ගලා...


ඇස
කණ
නාසය
දිව
කය
මනසින්
කෙලෙසා ලන්නේ
පිවිතුරු බඹසර කන්‍යාභාවය
පැහැසර සිත් අහසේ..
කෙලෙස් දූවිලි වළා පටලයෙන්
දෑස වසා.....


No comments:

Post a Comment