Saturday, 20 July 2013

අර්ධ සත්‍යය




රැය සුන්දරයි පවනැල් රළ සුවිනීතයි
මුදු එළියයි තාපයෙ දැල් නොසමීපයි
නෙත නිදිබරයි නුඹෙ රුව නම් අඩමානයි
එලෙස පෙනෙන රුව දැනෙන්නෙ හිත පිණිසයි..

දිවා දැහැන සැඩ හිරු රැස් අවිනීතයි
තද එළියයි දාහයෙ ගිනි ඇවිලී යයි
නෙත පැහැබරයි නුඹෙ රුව ලග ලගම පෙනෙයි
නුඹ ඒ වගේ නම් ඇත්තයි අහිත ගෙනෙයි...

රෑ එළියේ දුටු දේ සිහිනයක් සකි
දිවා යමේ දුටු දේ අරුතෙන්ම පිරී
නෙත රවටන සිත කළඹන දසුන් පිරී
අර්ධ සත්‍යය තුල තවමත් කිමද ගැලී....

No comments:

Post a Comment