Sunday, 9 June 2013

අවසඳ අඩසඳ කළුවර


මතක සුවඳ තවරාලා
රෝස මලෙක අමුනාලා
කඳුළු පිනි වලින් දෝවා
එවමි සුසුම් මදනල හා....


මල් පෙති පාවඩ පෑ මුත්
නුඹේ පයට පෑගීලා...
රොන් සුනු පෙති යයි විසිරී
සුළං සමග පාවීලා...

අහස් මාලිගා බිඳිලා
රුදුරු මාරුතය හමලා
අත්වැල් බැඳ ගිය මාවත
වගවළසුන් ඇත පිරිලා...

කන්දකපා පායන සඳ
පෝයදාට පහුවීලා
අවසඳ අඩසඳ කළුවර
අමාවකට පෙම් කෙරුවා...


1 comment:

  1. අපූරුයි මිත්‍රයා. දිගටම ලියන්න.

    ReplyDelete