Sunday, 12 May 2013

නැගෙන ඉපදෙන බිඳෙන රළපෙල


නැගෙන ඉපදෙන බිඳෙන රළපෙල
වෙරළ සිප සිප ඉකිබිඳින විට
සීත මඳනල සුසුම් නග නග
මියෙන හිරු වෙත පිය නගන්නිය..

අඳුරු සළුපට පොරවලා...
ඔබට මම දුන් බෙරළු මිණිමුතු
ඇඟිලි තුඩගින් අතැර සයුරට
අන්ධකාරේ වෙරළ වැලි මත
අත ගගා නුඹ ඇහිඳ ගත්විට
වැල්ලෙ තැවරෙන බොල් සිප්පිකටු..
දුටිමි මදහස නුඹේ මුව මත
ලැබුනු සේ මහ අනගි මිනිමුතු..

No comments:

Post a Comment