Sunday, 14 April 2013

සමුගන්න අවසරයි..

සැබෑ සුවඳක් නොමැති
අතීතයේ...
සිතක දෑලවර මැදින් ගලාගිය
කවිය නමින් වූ ගංගාවේ..


පුනරාගමනය කලෙමි මමත්
අරුතක් නොමදැක
අරුතක් නොලැබම
සිඳී ගියා දිය ගංගාවේ..
දයා විරහිතවු
සැඩ හිරුපහසින්
දෑලවරේ මල් ගොමු වියලී
වැල්ල මතුවුනි ගංගාවේ..
ඉතින් ගඟ යලිත් නොගලයි..
මේ අවසන් කවි දිය බිඳයි..
තෙතක් නොදන්නා සැඩ හිරුට යටවෙලා
කවි උල්පත සිඳී ගියා..

No comments:

Post a Comment