Tuesday, 2 April 2013

මහේශිකාවී







ඈත හිමේ...එහා ඉමේ
හිඳිනා ඔබ මා හදවත රිදවන
මහේශිකාවී...
ගයා විරහ ගී තුන්කල ගෙවුනත්
නෑසෙන සේ ඔබ බලා හිඳීවි...
මහේශිකාවී.....



සසර සැරිසරන..තෙක් ඔබ මගෙ යැයි
මුමුනා කී හැටි අහස දනී..
මේ භවයෙන් අපි නික්මෙන්නට පෙර
සමුගෙන ගිය හැටි ඔබ මැ දනී..
සමුගෙන යන්නට හේතු දකින විට
ඒ හේතුන් බොල් බීජ වැනී...
මහේශිකාවී........

දෝතට දිගු කල...පිරිකර වස්තුව
තවමත් කුටියේ බලා සිටියි
ඒ පින් ලැබ ගෙන සිත සුවපත් වී
දෙනෙත තිමිර පට ඉරා දමා
ලොවම දකිනු මැන
පින්කල ඔබෙ පින්සර දෑසින්...
මහේශිකාවී.....


No comments:

Post a Comment