Sunday, 31 March 2013

ඇහෙනවද මහ මුහුද හඬන හඬ



ඇහෙනවද මහ මුහුද හඬන හඬ
ඇහෙනවද මා සිත බිඳෙන හඬ
පෙනෙනවද මහමුහුද සිඳෙන හැඩ
පෙනෙනවද මගෙ කඳුළු ඉවර බව...


සිතුනි නම් මහමුහුද ගලාවිත්
මහා රළ පෙරලෙයි කියා......
සිතුනි නම් දුක දිය කර කඳුලට
දිවිය තොර වී යයි කියා...
නොවිය හැකි දේ එලෙසයි
බලනු මැන ලෝ දහමයි
පෙනෙනවද මහමුහුද සිඳෙන හැඩ
පෙනෙනවද මගෙ කඳුළු ඉවර බව...

ජීවිතය මරණින් අවසන් වෙයි
රැය ඇවිත් දහවල අවසන් වෙයි
හමුවීම වෙන්වීමෙන් නිම වෙයි
කඳුල සිනහව ලඟ අවසන් වෙයි
නොවිය හැකි දේ එලෙසයි
බලනු මැන ලෝ දහමයි
පෙනෙනවද මහමුහුද සිඳෙන හැඩ
පෙනෙනවද මගෙ කඳුළු ඉවර බව...










No comments:

Post a Comment