Monday, 25 February 2013

වැහැපන් වැස්ස

වැහැපන් වැස්ස
දෙගොඩ තලන්නට..
තවත් ඉතින් කිසිවක් නැහැ ඉතිරිව
ගංවතුරට ගහගෙන ගෙන යන්නට..

වැහැපන් වැස්ස
දෑලවර උතුරන්නට
තවත් ඉතින් කිසිවක්  නැහැ  ඉතිරිව
කඳුලු සලා ඉකිබිඳ රැකගන්නට..

වැහැපන් වැස්ස
ලෝකයම යට වෙන්නට
තවත් ඉතින් කිසිවක් නැහැ ඉතිරිව
ලෝකය යැයි ගෙන බදා සැනසෙන්න..

වැහැපන් වැස්ස
සක්වලම තෙමෙන්නට
තවත් ඉතින් නැහැ කිසිවක් පවතින
විශ්වය යැයි හඳුනා ගෙන ඉන්නට..



No comments:

Post a Comment