Monday, 25 February 2013

සෙව්වෙමි හැමතැනම



සෙව්වෙමි හැමතැනම

ගිරිශිඛර ගල් පර්වත

තැනිතලා වල....
සෙව්වෙමි හැමතැනම
හඳවතිය ලඟ හිරුමඬල තුල
තරු පොකුරු වල...
සෙව්වෙමි හැම තැනම
නඳුන් උයනෙහි සරසවියෙහි
සම්භාෂනයන්හි ....
සෙවන්වෙමි හැම තැනම
ඉඳුවර නලල් සැලෙන
පොපියන දෙඅදරවල
නාදළු දෙතොල් වල
රණහංස තුඩුවල
බඹර ගුමු වල...
සුමධුර වදන් වල
මන්දහාසය තුල...
නොලැබීමි කිසිවක්
හිත සැනසෙන
එකදු මල් පොකුරක්..
‍එහෙත් සාමිසය ඉක්මවූ
නිරාමිසය ලදිමි..
සැනසෙන්න..අද දවස..


No comments:

Post a Comment