Wednesday, 20 February 2013

යාත්‍රාව ගිලී යයි.





The Ship 
will sink
when there are
too many passangers..
මමද ඒ යාත්‍රාවට
ගොඩනැගුනෙමි මගියෙක් විලස

මට පෙරද මට පසුද
එහි මගියෝ වූහ බොහෝ අය
එහෙත් දැන් යාත්‍රාව
කෙසේ නම් යාත්‍රා කරයිද
ගිලෙන්නට ආසන්නව..
නැගුනු මිනිසුන්ගේ බරට..

පිහිනිය නොහැකි වුවත්
මා එයින් නික්මෙමි දියඹට
මා නිසා ඒ අය ගිලී යායුතු නොමැත..


මගේ බර දෙමි දියඹට
එල්ලිලා යාත්‍රවේ කොනක
තොටමුණක් දකින තුරු
රැකගනිමි
යාත්‍රාව සහ මගියන්


No comments:

Post a Comment