Saturday, 2 February 2013

ගිම්හානය


 අඩක් ගිලිහුනු වසන්තයේ
අඩ සඳක සැඟවුනු හිමේ
අවසඳක් සේ පෙනී නොපෙනී
ගිම්හානයට පියමං කලේ ඇයි
පුරහඳක් නොම වී....

කොළ නිවාඩුව එයි කියා
නොසිතාම තුරු ගොමු පුරා
මල් කෙමියෙ මී සොය සොයා
වල්මත් කෙරූ බමරෙකු ගියා...

වලාකුළු නවතියි කියා
සුළං පහරට තිත තියා
වලකන්ට හැදුවත් නිම් සොයා
වැහි ලිහිනි රංචුව පියඹුවා..

No comments:

Post a Comment