Saturday, 2 February 2013

ලෝ දහම....



දළුදමා දළු කොළ වෙලා
නටු අග ඉඳන් මදනල පවා
සිලි සිලි නගා නැලැවෙන පුරාවට
නුරා නර්තන ලීලා....

නෙතුපිය පුරා හරිතව එදා
පොපියන පතක් සේ හිනැහුනා
නටු අග මෙදා වියැලී ගියා
පරඬැල් පතක් සේ හැකිලිලා..

මෙයයි ලෝ දහමේ
අනිතය දුක් සහගතය වූ
පවතිනා හැම දේ....

No comments:

Post a Comment