Monday, 7 January 2013

අපි ආයෙත් හමුවී


මේ නවාතැන් පොලේ
අපි ආයෙත් හමුවී...
පෙරදා වෙන්වී විඳි දුක් නොපෙනී
අපි ආයෙත් වෙලී...


දෑතම පටලා රන්හුය බැඳලා
සසර පුරා අපි අනන්ත මධුසමයේ..
ගෙවුනු කාලය නිමේෂයයි
මධුසමය නිමාවී දුක් කඳුලු උදාවී
ගෙවුනු කාලය අනන්තයි..
එක් වී වෙන් වී සසර ‍ගෙවාගෙන
අපි ආයෙත් හමුවී...
පෙරදා වෙන්වී විඳි දුක් නොපෙනී
අපි ආයෙත් වෙලී...

අදත් එදා මෙන් වෙනසක් නැහැ එහි
ඔබ මා නොදකියි මා ඔබ නොදකිමි
ඇත්තේ විසිතුරු අරුමෝසම් රූ
පිනවන සිත කය නෙක නෙක වර්ණ රටා
උණුසුම් ආලිංගනයට මැදි වූ....
සීතල ගලන දිනේ..අපි යලි වෙන්වී
සසර ගෙවාගෙන
අපි ආයෙත් හමුවී...
පෙරදා වෙන්වී විඳි දුක් නොපෙනී
අපි ආයෙත් වෙලී...






2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔව් දයානි...මේ කවියට පාදක උනෙත් ඒ ගාථාවමයි..ඔබේ මතකයට
    මගේ ප්‍රනාමය

    ReplyDelete